ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ‍ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.
ගොඩනැගිල්ල ඉදිකිරීමට ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 23.5ක මුදලක් වැයකර තිබේ,
ඌව පළාතේ ආයුර්වේද රෝහල් අතරින් ඉතා විශිෂ්ඨ ලෙස රෝගීන් සුව කරන මෙම රෝහලේදි වැඩි වශ‍යන් අක්ෂිරෝග, කැඩුම් බිදුම්, තුවාල, පංචකර්ම ප්‍රතිකාර සදහා ලබාදී රෝගීන් සුවපත් කරනු ලබන අතර, වසරකට රෝගීන් 28000ක් පමණ ප්‍රතිකර ගන්නා බව එහි ප්‍රධාන ‍වෛද්‍ය නිළධාරී ඔෂාන් අතුකෝරාල මහතා පවසා සිටියේය.
ඌවපරණගම ජනතාවට අමතරව දිවයිනේ සතරදෙසින් රෝගීන් පැමිණ නේවාසික හා බාහිර වශයෙන් දිනපතා ප්‍රතිකාර ගන්නා බවත්, එම රෝගීන්ගේ පහසුව සදහා මෙම ගොඩනැගිල්ල ඉදිකර දී තිබේ,
මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා , ඌව පළාත් සභාවේ හිටපු සභාපති ඒ.එම් බුද්ධදාස මහතා, ඌව පළාත් සෞඛ්‍ය ලේකම් දයානන්ද රත්නායක මහතා, ආයුර්වේද කොමසාරිස් දිල්මා ‍ප්‍රේමතිලක මහත්මිය ඇතුළු නිළධාරීන් එක්ව සිටියහ.