102 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමට සමගාමිව, ඌවේ සමුපකාරකයින් ඇගයීමේ උත්සවයක් බදුල්ල පුරහලේ දි 2025.02.13 දින පැවැත්විණි. ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම ඇගයීමේ උත්සවයේ දි, ඌව පළාතේ සමුපකාර සමිති, ඒ යටතේ පාලනය වන ඉන්ධනහල් සහ සමූපකාර බැංකු ඇතුළු ආයතන හා එහි සේවකයින් අතර තරග පවත්වා, තෝරගනු ලැබූ විශිෂ්ඨයින් ඇගයීම මෙහිදි සිදුවිය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා,පාරිභෝගික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රි සිනිදු සමන් මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයන්ගේ ද, ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පළාත් සභාවේ නිළධාරින් පිරිසක් ද සහභාගි විය.
An awards ceremony honoring cooperatives in Uva was held at the Badulla Town Hall on 2025.02.13, coinciding with the celebration of the 102nd International Cooperative Day. This awards ceremony, organized by the Uva Provincial Cooperative Development Department, recognized outstanding performers selected through competitions among cooperative societies in the Uva Province, including their fuel stations, cooperative banks, and employees under their management.
The event was attended by Minister of Plantation Industries Samantha Vidyaratne, Deputy Minister of Consumer Affairs R.M. Jayawardena, Member of Parliament Sinidu Saman, along with other public representatives, as well as Uva Province Chief Secretary Mahesh Gammanpila, Secretary of the Uva Provincial Ministry of Education Nihal Gunaratne, and several other provincial council officials.