විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්රියාකාරකම් මගින් දරුවන්ට ප්රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්රමවේදය අද අධ්යාපන ක්ෂේත්රයට හදුන්වා දීම සිදු කෙරුණා.
කොළඹ රාජකීය විද්යාලයේ නව රඟහලෙහි ස්ටීම් අධ්යාපන වැඩසටහනේ සමාරම්භක උළෙල පැවැත් වූ අතර ඊට සමගාමීව ඌව පළාතේ ප්රධාන උත්සවය අද දින බදුල්ල මධ්ය මහා විද්යාලයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්රාථමික කර්මාන්ත රාජ්ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, පළාත් අධ්යාපන අමාත්යාංශ ලේකම් නන්දසේන මහතා ඇතුළු පළාත් අධ්යාපන අමාත්යාංශයේ අධ්යක්ෂවරුන් හා ලේකම්වරුන් එක්ව සිටියහ.