ඌව පළාත් සංස්කෘතික අමාත්යාංශය මගින් සංවිධානය කරනු ලබන ඌව පළාතේ විශිෂ්ඨතම කලාකරුවන් ඇගයීමේ ”ඌව කලා හරසර” වැඩසටහන 2024 නොවැම්බර් 05 වන දින බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය.ඌව පළාතේ කලා ක්ෂේත්රයන් ඔස්සේ දක්ෂතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කර සම්මාන ප්රධානය කිරීම සිදුවිය.

