Clean Sri lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා සකස් කරන ලද “ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු” ක්‍රියාකාරකම් සහිත මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය 2025.03.19 වන දින පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අද අපි දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමට උත්සාහ කරන වෙනස සාක්ෂාත් කර ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන්ගේ මානසික හා ආකල්ප සංවර්ධනය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, මුල් ළමාවිය සංවර්ධනය රටක සංවර්ධනයේ අඩිතාලම වන බව සංවර්ධිත රටවල් සාක්ෂි සහිතව තහවුරු කොට ඇත.
ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත සකස් කරන ලද මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සංවර්ධිත රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය ලක්ෂණ ද අධ්‍යයනය කරමින් සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම තුළින් ලස්සන ජීවිතයකට මඟ පෙන්වීම යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.