ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්රවණාගාරයේ දී පවත්වන ලදී.
රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්රියාත්මක කිරීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ඩෙංගු මදුරු මර්දන සහ පාලන කටයුතු වඩාත් ශක්තිමත් කිරිමට ඌව පළාත තුළ ක්රියාත්මක වන ඩෙංගු මර්ධන ආරක්ෂක පද්ධතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, තවදුරටත් ඩෙංගු උවදුරෙන් ඌව පළාත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නෙමි.
මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්ය හා පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි, පාසල් හා ආගමික ස්ථාන ඇතුළු අනෙකුත් ආයතන ප්රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්රාමීයව සියලු නිවාස සහ වෙළෙඳසැල් පරිශ්ර පරීක්ෂාවට ලක් කිරීම, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්යාප්තිය පාලනයට අවශ්ය පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය සහ ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී.ප්රියන්ති මහත්මිය, බදුල්ල හා මොණරාගල දිස්ත්රික් අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්යාපන ලේකම්, පළාත් සෞඛ්ය ලේකම් ඇතුළු සෞඛ්ය අංශ නිලධාරීන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, 112,121 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිවරුන් ඇතුළු, රජයේ ආයතන ප්රධානීන් එක්ව සිටියහ.
டெங்கு ஒழிப்பு தொடர்பான மாகாண செயற்குழுக் கூட்டம் இன்றைய தினம் ஊவா மாகாண சபை கேப்போர் கூடத்தில் நடைபெற்றது.
மருத்துவமனையில் சேர்க்கப்படும் டெங்கு நோயாளிகளின் எண்ணிக்கையின் அதிகரிப்பு காரணமாக நேற்று (07) ஆம் திகதி முதல் (13) ஆம் திகதி வரை நாடளாவிய ரீதியில் டெங்கு ஒழிப்பு வாரமாகச் சுகாதார அமைச்சு அறிவித்துள்ளது.
நுளம்புகள் பெருகும் இடங்களைச் சோதனை செய்து சுத்தம் செய்வது தொடர்பில் அரச மற்றும் தனியார் நிறுவனங்கள், பாடசாலைகள், மதஸ் தளங்கள் உள்ளிட்ட பிற நிறுவனங்களின் பிரதானிகளும் தெளிவூட்டல், நகர்ப்புற மற்றும் கிராமப்புறங்களில் உள்ள அனைத்து வீடுகள் மற்றும் கடை வளாகங்களைச் சோதனை செய்தல், டெங்கினால் பாதிக்கப்பட்டவர்களைக் கண்டறிந்து அவர்கள் வசிக்கும் பிரதேசத்தில் டெங்கு நோயைப் பரப்பும் நுளம்புகளை அழித்தல், இடங்களைக் கண்டறிந்து கொசுப்புழுக்களை அடையாளம் காணல், வீடுகள் மற்றும் நிறுவன வளாகங்களைச் சுத்தமாகப் பராமரிக்கத் தவறுவோருக்கு எதிராகச் சட்ட நடவடிக்கை எடுத்து டெங்கு பரவலைக் கட்டுப்படுத்த தேவையான நடவடிக்கைகள் குறித்தும் ஆலோசிக்கப்பட்டது.
இந்த கூட்டத்தில் ஊவா மாகாண சபையின் பிரதம செயலாளர் தமயந்தி பரணகம மற்றும் ஆளுநரின் செயலாளர் ஆர்.எச்.சி.பிரியந்தி, பதுளை மற்றும் மொனராகலை மேலதிக மாவட்டச் செயலாளர்கள், மாகாண கல்வி அமைச்சின் செயலாளர், மாகாண சுகாதார செயலாளர் உள்ளிட்ட சுகாதாரப் பிரிவின் அதிகாரிகள், மாகாண ஆணையர்கள், மாகாண சிரேஷ்ட பொலிஸ் அதிகாரிகள், 112,121 படைப்பிரிவுகளின் தளபதிகள் உள்ளிட்ட அரச நிறுவனங்களின் பிரதானிகள் கலந்துகொண்டனர்.