කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, කොරියානු ජනරජයේ චියොන්ග්ඩෝ දිස්ත්‍රික්කයේ ගරු ආණ්ඩුකාරවරයා සහ ධූත මණ්ඩල නියෝජිතයින් පිරිසක් 2025.02.19 වන දින ඌව පළාත් සභාවේ සංචාරයකට එක් විය.

මීට සමගාමීව කොරියානු ජනරජයේ Saemual පදනමේ මූල්‍යාධාර මත ඉදි කෙරෙන, බොරලන්ද රජයේ සත්ත්ව ගොවිපළේ ස්මාර්ට් හරිත නිවාස සහිත බීජ අර්තාපල් ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කිරීමට ද නියමිත වේ.

ඌව පළාත් සභාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා කොරියානු ජනරජය විසින් දක්වනු ලබන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත්, මෙම අවස්ථාව රටවල් දෙක අතර දිඝු කාලීන සහයෝගීතාව වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා සිය සුභාශිංෂන එක් කරමින් පැවසීය.