ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “ඌව ලිය සාරදීපනී 2024” අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024.02.14 දින පැවැත්විය.
මෙම අවස්ථාවට සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මැතිතුමා,ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, ඌව පළාත් අධ්‍යාපන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.