ඌව පළාතේ ලියාපදිංචි ක්‍රිඩා සමාජවලට සහ තෝරාගත් පාසල් සදහා රුපියල් ලක්ෂ 120ක මුදලක් වැයකර ක්‍රීඩා උපකරණ බෙදාදීම පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදුවිය. පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ 300කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හැටකට අවශ්‍යව තිබු අත්පන්දු හා නෙට්, දැල්පන්දු හා නෙට්, පාපන්දු හා නෙටි, ක්‍රිකට් උපකරණ, ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම මෙහිදි සිදුවිය.
Sports equipment was distributed to registered sports clubs and selected schools in Uva Province at the cost of 120 lakh rupees at Badulla Library Auditorium recently. Based on the financial allocation of the Provincial Sports Department, after five years, 300 sports clubs in Uva province and 60 schools in Badulla district were distributed sports equipment including volleyball and net, netball and net, football and net, cricket equipment, etc.