අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවරයා ලෙස 2024-09-25 වන දින පත්කරන ලදී. ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා 2024-09-26 වන දින සිය ධූරයේ රාජකාරි බාරගැනීම ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න මහතා, ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් නායක ආර්.එම්. ජයවර්ධන මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගි විය.