ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්රණය අධීක්ෂණය කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩුගම ග්රාම නිලධාරී වසමේ, රත්මඩ ගම් පියසේදී පවත්වන ලදී.
මොණරාගල දිස්ත්රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්රියාත්මක වීමේ ප්රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය. එමෙන්ම සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියට පැමිණි ජනාධිපතිවරයා වගා බිමේ සංචාරය කරමින් ගොවිජනතාව සමග සුහද කතා බහක නිරත විය. තමන් මුහුණ පා ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී ගොවි ජනතාවට අවස්ථාව ලැබුණු අතර පොහොර හිඟය, කෘමිනාශක සහ වල්නාශක හිඟය මෙන්ම ප්රදේශයේ ඉඩම් ගැටලු, ජල ගැටලු සහ වන අලි උවදුර පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. එම අවස්ථාවේදී අදාළ නිලධාරීන් ගොවි බිමට කැඳවූ ජනාධිපතිවරයා ක්ෂණික විසඳුම් ලබාදිය හැකි ගැටලුවලට එම අවස්ථාවේදිම විසඳුම් ලබාදීමට පියවර ගැනීම විශේෂත්වයකි.
එමෙන්ම ප්රදේශයේ ජනතා ගැටලු රැසක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර අධ්යාපන, මාර්ග, නිවාස ඇතුළු ගැටලු ඒ අතර විය. එම සියලු ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා දුෂ්කරතා රැසක් මධ්යයේ අධ්යාපන කටයුතුවල නිරත වන ප්රදේශයේ දරු දැරියන් විශ්වවිද්යාල අධ්යාපන දක්වා ගෙන යාමට අවශ්ය පහසුකම් සලසන බව පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර සියඹලාණ්ඩුව කලුඔබ්බ ධර්මාශෝක පෙර පාසලේ පැවැත්වෙන දහම්පාසල වෙත ද කිසිඳු දැනුම්දිමකින් තොරව ගිය ජනාධිපතිවරයා සිසු දරුවන්ගේ සුවදුක් විමසීය. පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට පැමිණියත් සිසු දරු දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියේ නීරික්ෂණ චාරිකවක නිරත වීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා; ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙන්නේ එය අඛණ්ඩව ඉදිරියට ක්රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. ඒ සඳහා ලබාදිය හැකි සියලු පහසුකම් අපි ලබා දෙනවා. මේ මහ කන්නය වන විට වි වගාව, බඩ ඉරිගු සහ අනෙකුත් බෝග වගාවන් කරන්න සූදානම් විය යුතුයි. එහෙම නම් මහ කන්නය වන විට හෝ ඊට පෙර හෝ හොඳ අස්වැන්නක් ලබා ගත යුතුයි. හොඳ අස්වැන්නක් තිබෙනවා නම් නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ස්ථාවරත්වයක් ඇති වෙනවා. වගා කටයුතු පමණක් නොවේ, අස්වැන්න එකතු කිරිම, නාස්තිය අවම කිරීම, ගබඩා කිරීම ඒ වගේම බෙදා හැරීමේ ජාලය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. තවත් අඩු පාඩු තිබිය හැකියි. ඒවත් විසඳාගෙන සාර්ථකව මේ වැඩකටයුතු ඉදිරියට ක්රියාත්මක කළ යුතුයි.
මහ කන්නය වෙන තෙක් අපිට මූලිකව තිබෙන්නේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්රියාත්මක කිරීම. දැන් කොළඹ හා තදාසන්න ප්රදේශවල ආහාර නැති නිසා ඇතැම් අය සිය ජීවිකාව ගත කරන්නේ නොයෙකුත් අපහසුතා මධ්යයේයි. ඒ නිසා මේ ප්රදේශවලින් නිෂ්පාදන ලබාගෙන බෙදාහරින වැඩසටහනක් ආරම්භ කළ යුතුයි.
මේ පළාත දියුණු කර ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් උදාකරදීම අපේ අරමුණයි. මේ ප්රදේශයේ කුඩා වැව් නැවත ප්රතිසංස්කරණ කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වැඩසටහන් අපි ක්රියාත්මක කරමු. පළමුවෙන්ම කරන්න තිබෙන්නේ ලබන කන්නයේදි ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමයි.
ඒ නිසා කිසිදු බාධාවකින් තොරව ඉදිරි මහ කන්නය වන තෙක් මුළු රටම ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොදා ගන්නවා. ඒ වගේම රටේ පවතින ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ ප්රශ්නය විසඳිය යුතුයි.
අපි ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ අනුව මේ වන විට මූලික එකඟතාවකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. අපිට ණය ලබාදී ඇති රටවල් අතර ප්රධානම රටවල් තමයි චීනය, ජපානය සහ ඉන්දියාව. දැන් අපි ණය ප්රතිව්යුහගතකිරීම සම්බන්ධයෙන් එම රටවල් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මම ජපානයට ගිය අවස්ථාවේ එහි විදේශ අමාත්යවරයා සහ අගමැතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා.
එමෙන්ම පසුගියදා චීන මූදල් අමාත්යවරයා සමඟත් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඒ වගේම වොෂින්ටන් නුවරට ගොස් සිටින අපේ රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා ඉන්දියාවේ කණ්ඩායම් සමග ණය ප්රතිව්යුහගතකරණ වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.
රටේ පවතින ණය බර අඩු කිරීම පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදල සහ චීනය, ජපානය සහ ඉන්දියාව සමග අපි ප්රථම වතාවට ඊයේ දිනයේ මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. අපිට මේ ණය ගෙවීම අපහසුයි. නමුත් ණය බර අඩුකර ගැනීමේ මාර්ගයක් සොයා ගත යුතුයි. ණය පමණක් නොව දැන් පොළිය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම සාකච්ඡා විධිමත්ව ඉදිරියට ගෙන ගියහොත් මේ සියලු ගැටලු නිරාකරණය කරගත හැකි යැයි මම විශ්වාස කරනවා.
එමෙන්ම අපි සමහර පුද්ගලික ණයකරුවන් සමගත් සහන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම සාකච්ඡා අවසන් වූ විට එම රටවලින් ආධාර උපකාර ඉල්ලා සිටිය හැකියි. ඒ ආධාර උපකාර එක සැරේ ලැබෙන්නේ නැහැ.
ඒ කාලය තුළ ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් අපිට මුදල් ලැබෙනවා. පොහොර ලබා ගන්නත් ඒ වගේම ඖෂධ ලබා ගන්නත් ලෝක බැංකුවෙන්, යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ආසියනු සංවර්ධන බැංකුවෙන් අපිට මුදල් ලබා දුන්නා. එම මුදල්වලින් තමයි අපි මේ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා අපිට ගැටලුවකින් තොරව මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා හැකියි.
වාද විවාද කරන එක මට ප්රශ්නයක් නොවේ. සමහර අය කියනවා පාරට බැහැලා ලේ වගුරනවා කියලා. ඊට ඉස්සෙල්ලා ජීවත් විය යුතුයි. නැතිනම් හාමතේ මිය යන්න සිදු වෙනවා. කතාකරන්න තියෙන ඕන දෙයක් පාර්ලිමේන්තුවේ දී කතා කරමු. පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ සඳහායි.
අපි සියලුදෙනා මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතුයි. ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවේ, විපක්ෂ මන්ත්රිවරු පිරිසකුත් මා සමග ප්රකාශ කළා ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමතියි, ඒ අයටත් වැඩ කරන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්න කියලා. අපි එකතුවෙලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු.
මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ ගොවි ජනතාව නිරතව සිටිනවා. ඒ සමගම සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන මෙවර මහ කන්නයෙන් අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදයට ද අපි සූදානම් විය යුතුයි. අද මේ සඳහා සහභාගී වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය කන්නයේ පොහොර නොලැබීම පිළිබඳ සියලු ගොවි ජනතාවට අපේ කණගාටුව ප්රකාශ කරනවා.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්යවරුන් වන ශෂීන්ද්ර රාජපක්ෂ මැතිතුමා, විජිත බේරුගොඩ මැතිතුමා, ජගත් පුෂ්පකුමාර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ගයාෂාන් නවනන්දන මැතිතුමා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි සුමේධා ජී. ජයසේන මහත්මිය, හිටපු නියෝජ්ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, ජාතික ආහාර සුරක්ෂිතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා, මොණරාගල දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා, සියඹලාණ්ඩුව ප්රාදේශී ලේකම් අසංක දයාරත්න යන මහත්වරු සහ දිස්ත්රික් සහ ප්රාදේශීය රාජ්ය නිලදාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
உணவுப் பாதுகாப்பு மற்றும் ஊட்டச்சத்தை உறுதி செய்வதற்காகக் கிராமிய பொருளாதார புணர்வாழ்வு மையத்தை வலுவூட்டும் பல்வேறு திட்டங்களாயின் ஒன்றிணைந்த செயற்திட்டத்தைக் கண்காணிக்கும் நிகழ்வு ஜனாதிபதி ரணில் விக்ரமசிங்க தலைமையில் சியம்பலாண்டுவ பிரதேச செயலக பிரிவில், மடுகம கிராம சேவகர் பிரிவின் ரத்துமட கிராமத்தில் நடைபெற்றது.
மொனராகலை மாவட்ட உணவு பாதுகாப்பு வேலைத்திட்டத்தில் நடைமுறையில் உள்ள வேளாண்மைத் திட்டங்களின் தற்போதைய நிலை குறித்து இதன்போது ஜனாதிபதி அரசு அதிகாரிகளுடன் கலந்துரையாடினார். அதேவேளை சியம்பலாண்டுவ, ரத்துமட மற்றும் வீரகந்தவல ஆகிய பிரதேசங்களைச் சூழவுள்ள பகுதிகளில் பயிர்ச்செய்கை மேற்கொள்ளப்படும் வயல் நிலங்களுக்கு விஜயம் செய்த ஜனாதிபதி, விவசாயிகளுடன் சிநேகபூர்வ உரையாடலில் ஈடுபட்டார். இதன்போது தாங்கள் எதிர்நோக்கும் பிரச்சினைகளை ஜனாதிபதியிடம் நேரடியாக முன்வைக்கும் சந்தர்ப்பம் விவசாயிகளுக்குக் கிடைத்தது. உரம், கிருமிநாசினி, களைக்கொல்லிகளின் பற்றாக்குறை, காணிப்பிரச்சினை, நீர்ப்பிரச்சினை, காட்டு யானைகளின் அச்சுறுத்தல் போன்றவை தொடர்பிலும் விவசாயிகள் ஜனாதிபதியிடம் எடுத்துரைத்தனர். பின்னர் இதனுடன் தொடர்புடைய அதிகாரிகளை விவசாய நிலத்திற்கு அழைத்த ஜனாதிபதி, விவசாயிகளின் பிரச்சினைகளுக்கு உடனடித் தீர்வுகளை வழங்குவதற்கு நடவடிக்கை எடுத்தமை இங்கு விசேட அம்சமாகும்.
இதுதவிர, பிரதேச மக்கள் எதிர்நோக்கும் கல்வி, வீதி , வீடமைப்பு உள்ளிட்ட பல பிரச்சினைகளும் ஜனாதிபதியிடம் முன்வைக்கப்பட்டன.
அந்த அனைத்துப் பிரச்சினைகளையும் செவிமடுத்த ஜனாதிபதி, பல சிரமங்களுக்கு மத்தியில் கல்வி நடவடிக்கைகளில் ஈடுபடும் பிரதேச மாணவர்களைப் பல்கலைக்கழகக் கல்வி வரை அழைத்துச் செல்வதற்குத் தேவையான வசதிகளைச் செய்து தருவதாகத் தெரிவித்தார்.
இந்நிகழ்வில் கலந்து கொண்டதன் பின்னர், திரும்பி வரும் வழியில் ஜனாதிபதி, சியம்பலாண்டுவ களுஓப்பா தர்மசோக்க ஆரம்பப்பாடசாலையில் நடைபெற்ற அரநெறிப் பாடசாலைக்கும் எவ்வித முன்னறிவிப்பும் இன்றிச் சென்று அங்கிருந்த மாணவர்களிடம் நலம் விசாரித்தார். முன்னறிவிப்பின்றி அவர் அந்த இடத்திற்கு வந்தாலும், மாணவர்கள் ‘ஜெயமங்கல’ கீதம் பாடி ஜனாதிபதியை வரவேற்றனர்.
இந்த நிகழ்வுகளில், இராஜாங்க அமைச்சர்களான ஷசேந்திர ராஜபக்ஷ, ஜகத் புஷ்பகுமார, பாராளுமன்ற உறுப்பினர் டொக்டர் கயாஷான் நவநந்தன, தேசிய பாதுகாப்பு தொடர்பான ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகரும் ஜனாதிபதியின் பணிக்குழாம் பிரதானியுமான சாகல ரத்நாயக்க, முன்னாள் பாராளுமன்ற உறுப்பினர் சுமேதா ஜி. ஜயசேன, முன்னாள் பிரதி சபாநாயகர் ஆனந்து குமாரசிறி, ஜனாதிபதியின் செயலாளர் சமன் ஏக்கநாயக்க, தேசிய உணவு பாதுகாப்பு தொடர்பான ஜனாதிபதியின் ஆலோசகர் கலாநிதி சுரேன் படகொட மற்றும் பிரதேச அரச அதிகாரிகளும் கலந்துகொண்டனர்.