අපවත් වී වදාළ බිබිල ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති, සංඝකිර්තී ශ්‍රී සුනන්දාභිධාන, මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.17 වන දින සිදු කරන ලදි.
අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවතින් තමා ඉමහත් සංවේගයට පත් වූ බවත්, ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ උන්වහන්සේගේ අපවත් වීම, ප්‍රදේශවාසී බොදු ජනතාවට ද බලවත් ශෝකය දනවන්නක් බවත්, ගරු ආණ්ඩුකාරතුමා විසින් සිය ශෝකය පළ කරමින් සඳහන් කරන ලදි. තව ද උන් වහන්සේගේ නික්ම යෑම පිළිබඳ සිය සාතිශය සංවේගය පුදකරන බවත්, රට ජාතිය ආගම වෙනුවෙන් මහඟු මෙහෙයක් කළ අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කරන බවත් සඳහන් කරන ලදි.