99 වන ජාත්යන්තර සමුපකාර දිනයට සමගාමීව යෙදුනු ඌව පළාත් සමුපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල හාළිඇල විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්රවණාගාරයේ දී පවත්වන ලදී.
ඌව පළාතේ ග්රාමීය බැංකු 05 ක් සහ විවිධ සේවා සමූපකාර සමිති 12 ක් අතුරින් හොදම මූල්ය සේවා සපයන සමූපකාර ග්රාමීය බැංකු අංශය ලෙස සී/ස පස්සර විවිධ සේවා සමූපකාර සමිතියේ, ග්රාමීය බැංකු අංශය සම්මානයෙන් පිදුම් ලබන ලදී.
තවද පළාතේ සමුපකාර සමිති 776ක් හා සමූපකාර සංගම් හයක් අතරින් පවත්වා තිබු ,ඉන්ධන පිරවුම්හල්, ග්රාමීය බැංකු, කෝප්සිටි, සමුපකාර වෙළදසැල් අතර කාර්යක්ෂම සේවාවන් සැපයිම් අතර තරග, කාර්යය සාධන තරග, දිරිය ව්යවසායකයින් තේරීම ඇතුලු තරග රැසක් පවත්වා එයින් ජය ලැබුවන් ඇගයිමට ලක්කර සහතික හා සම්මාන ප්රධානය කිරීමද මෙහිදි සිදුවිය.
මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මැතිතුමා, මොනරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කුමාරසිරි රත්නායක මැතිතුමා, සමුපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්ර මහතා, පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, පළාත් සමුපකාර අමාත්යාංශයේ ලේකම් ආර්.එම්.එස්.ඩී. රත්නායක මැතිනිය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුවින්ද එස්. සින්ගප්පුලි මහතා, පළාත් සමුපකාර කොමසාරිස් සී. අද්දරවත්ත මහතා ඇතුළු ඌව පළාත් සමූපකාර සමිති නියෝජිතයින් ඇතුලු රාජ්ය නිලධාරීන් සහභාගී විය.
99வது சர்வதேச கூட்டுறவு தினத்தை முன்னிட்டு ஊவா மாகாண கூட்டுறவுச் சங்கத்தின் செயல்திறனைக் கௌரவிக்கும் விழா ஹாலிஎல வெளிநாட்டு வேலைவாய்ப்பு பணியாகக் கேட்போர் கூடத்தில் நடைபெற்றது.
இதன்போது மாகாணத்தின் கிராமிய வங்கி 5 மற்றும் கூட்டுறவுச் சங்கங்கள் 12 இல் சிறந்த நிதிச் சேவைகளை வழங்கும் கூட்டுறவு கிராமிய வங்கியாக வரையறுக்கப்பட்ட பஸ்ஸர பல்நோக்கு கூட்டுறவுச் சங்கத்தின் கிராமிய வங்கி விருதினைப் பெற்றுக்கொண்டது.
மேலும் சிறந்த சிறந்த பல்நோக்கு கூட்டுறவுச் சங்கம் உள்ளிட்ட பல துறைகளில் இதன்போது விருதுகள் வழங்கப்பட்டன.
இந்த நிகழ்வில் கூட்டுறவுச் சேவைகள் சந்தைப்படுத்தல் அபிவிருத்தி மற்றும் நுகர்வோர் பாதுகாப்பு இராஜாங்க அமைச்சர் லசந்த அலகியவன்ன, பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் பாராளுமன்ற உறுப்பினர் மேஜர் சுதர்ஷன தெனிபிடிய, பதுளை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் சாமர சம்பத் தசநாயக, மொனராகலை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் பாராளுமன்ற உறுப்பினர் குமாரசிறி ரத்நாயக்க, கூட்டுறவுச் சேவைகள் சந்தைப்படுத்தல் அபிவிருத்தி மற்றும் நுகர்வோர் பாதுகாப்பு இராஜாங்க அமைச்சின் செயலாளர் கே.டீ.எஸ். ருவன்சந்திர, பிரதான செயலாளர் P.B. விஜயரத்ன, மாகாண கூட்டுறவு அமைச்சின் செயலாளர் ஆர்.எம்.எஸ்.டீ. ரத்நாயக்க, கூட்டுறவு அபிவிருத்தி திணைக்களத்தின் ஆணையாளர் சுவிந்த எஸ். சிங்கப்புலி, மாகாண கூட்டுறவு ஆணையாளர் சீ. அத்தரவத்த உள்ளிட்ட ஊவா மாகாண கூட்டுறவுச் சங்கத்தின் அதிகாரிகள் பலர் கலந்துகொண்டனர்.