පුවත් හා නිවේදන
ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය
ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය අද දින බදුල්ලේ පිහිටි ඌව පළාත් රණවිරු ස්මාරකය අසලදී පැවැත්විය. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රණවිරු අනුස්මරණ කමිටුව සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයට රණවිරු පවුල් වල සාමාජිකයින් පැමිණ රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය.මෙම උත්සව...
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ රේස්කෝස් පාර ස්ථානයේදි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 13දින ආරම්භ විය. මැණික් බහුලව තිබෙන ඌව පළාතේ පතල්කරුවන්ට හා තරුණ තරුණියන්ට මැණික්...
පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය
පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශයක් වන, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය මෙහෙයවීම යටතේ,...
දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!
දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම්
ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය අද 04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය. බදුල්ල දිසාපතිතුමිය ලෙස වසර පහක කාලයක් සේවය කරමින් සිටියදි ඌව පළාත් සභාවේ 8 වන ප්‍රධාන...
ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්
හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාව භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, ඉන්දීය රජය විසින් අපේ රටේ ජනතාවට ලබාදෙන සහනාධාර වැඩසටහනට ස්තූතිය කරන ලද...
ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා පත් කරන ලදී.
ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා ඊයේ (27) දින පත් කරන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා මහනුවර තෙල්දෙණිය මහා විද්‍යාලයෙන් හා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා,...
අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම අද දින (25) ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර හා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන්...
රාමළාන් ඊද් උත්සව සුභ පැතුම!
ඉස්ලාම් භක්තිකයන් වන අප වෙත අනිවාර්ය වූ උපවාසශීලය ඉටුකර, ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. ශුද්ධ වූ අල්කුර්ආනය අපට පවසන පරිදි මුස්ලිම්වරුන් කුමන...
අලුත් ගමක් – අලුත් රටක්
''අලුත් ගමක් - අලුත් රටක්'' ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධනය තේමාව කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ...