බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
කමිටුව ආරම්භ කරමින් පළමුවෙන්ම ජාතික වශයෙන් ක්රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභ සාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්රික්කයේ ප්රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.
ඉන් අනතුරුව මේ වන විට දිස්ත්රික්කය තුළ ක්රියාත්මක වන සංවර්ධන ව්යාපෘතිවල වර්තමාන ප්රගතිය හා ඒවා ක්රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.විශේෂයෙන්ම මේ වන විට වැඩ අතරමග නැවතී ඇති අයිරෝඩ් මාර්ග සංවර්ධන ව්යාපෘතිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී, එම මාර්ග මේ වන විට ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇති බවත් සංවර්ධන කටයුතු සඳහා කොන්ත්රාත් සමාගම් වෙත භාර දී ඇති බැවින් තමන්ට ඒවා නඩත්තු කිරීමටද නොහැකි වී ඇති බව ප්රාදේශීය සභා සභාපතිවරුන් මෙහිදී අවධාරණය කරන ලදි. මෙවැනි පසුබිමක් තුළ මාර්ගවල ගමන් කරන පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.
මීට අමතරව සීමා නිර්ණය, නැවත පදිංචි කිරීම්, ආපදා අවදානම් කළමනාකරණය ඇතුළු විශේෂ කරුණු සම්බන්ධයෙන් කමිටුවේ අවදානය යොමු වූ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ හැකි උපරිමයෙන් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කරමින් දිස්ත්රික්කයක් ලෙස සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රාජ්ය යාන්ත්රණය ලෙස ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාවට දිස්ත්රික් සමිබන්ධීකරණ කමිටු සම සභාපති බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශණ දෙණිපිටිය මැතිතුමා නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය තේනුක විදානගමගේ මැතිතුමා , අධ්යාපන රාජ්ය අමාත්ය අ.අරවින්ද් කුමාර් මැතිතුමා ඇතුළු දේශපාලන නායකත්වය, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජයරත්න මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් සුනිල් අබේකෝන් මහතා, දිස්ත්රික් අධ්යක්ෂ (සැලසුම්) කේ.එස්.බී.සේනානායක මහතා ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් එක්ව සිටි අතර අදාල අනෙකුත් නිලධාරීන් සහ පාර්ශවයන් මාර්ග ගත ක්රමවේදය ඔස්සේ සහභාගී වූහ.
பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.
இதன்போது தேசிய ரீதியில் நடைமுறைப்படுத்தப்படும் உணவுப் பாதுகாப்புத் திட்டம் மற்றும் சமூக நலன்புரி நலத்திட்டம் தொடர்பில் பதுளை மாவட்டத்தின் நிலைமைகள் குறித்துக் கலந்துரையாடப்பட்டது.
அதன் பின்னர் மாவட்டத்தில் அமுல்படுத்தப்பட்டுவரும் அபிவிருத்தித் திட்டங்களின் தற்போதைய முன்னேற்றம் மற்றும் அவை அமுல்படுத்தும் போது ஏற்பட்டுள்ள பிரச்சினைகள் தொடர்பில் விரிவாக ஆராயப்பட்டது. குறிப்பாக ஐ ரோட் அபிவிருத்தித் திட்டப் பணிகள் பாதியில் நிறுத்தப்பட்டுள்ள நிலையில், வீதிகள் மிகவும் சேதமடைந்துள்ளதாகவும், அபிவிருத்திப் பணிகளை ஒப்பந்த நிறுவனங்களிடம் ஒப்படைத்துள்ளமையினால் அவற்றை தம்மால் பராமரிக்க முடியாதநிலமை காணப்படுவதாகவும் பிரதேச சபை தலைவர்கள் சபையின் கவனத்திற்குக் கொண்டுவந்தனர். இவ்வாறான பின்னணியில் வீதிகளில் பயணிக்கும் மக்கள் மிகவும் சிரமத்திற்கு உள்ளாகி வருவதாகவும், இது தொடர்பில் விரைவான தீர்வை வழங்குமாறும் கோரிக்கை விடுக்கப்பட்டது.
இது தவிர எல்லை நிர்ணயம், மீள்குடியேற்றம், அனர்த்த இடர் முகாமைத்துவம் உள்ளிட்ட விசேட அம்சங்கள் தொடர்பில் கவனம் செலுத்தப்பட்ட அதேவேளை, பொருளாதார நெருக்கடிக்கு மத்தியில் இயன்றளவு அபிவிருத்தி திட்டங்களை அமுல்படுத்தி மக்களின் வாழ்க்கைத் தரத்தை மேம்படுத்துவதற்கான அரச பொறிமுறைகளை மாவட்டம் என்ற ரீதியில் மேற்கொள்ள முன்னெடுக்கவேண்டிய நடவடிக்கைகள் குறித்தும் விரிவாகக் கலந்துரையாடப்பட்டது.
இந்த கலந்துரையாடலில் பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர், பாராளுமன்ற உறுப்பினர் மேஜர் சுதர்ஷன தெனிபிடிய, நகர அபிவிருத்தி மற்றும் வீடமைப்பு இராஜாங்க அமைச்சர் தேனுகா விதானகமகே, கல்வி இராஜாங்க அமைச்சர் எ. அரவிந்த குமார் உள்ளிட்ட பிராந்திய அரசியல் தலைவர்கள், ஊவா மாகாண பிரதான செயலாளர் P.B. விஜயரத்ன, மாவட்டச் செயலாளர் தமயந்தி பரணகம உள்ளிட்ட அரச அதிகாரிகள் கலந்துகொண்டனர்.