බදුල්ල දිස්ත්රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
බදුල්ල දිස්ත්රික්කය වෙනුවෙන් මූලික වටයේ දී එන්නත් පනස්දාහක් ලැබී තිබෙන අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට සෞඛ්ය අංශය මගින් දිස්ත්රික්කයේ වැඩි අවදානම් කලාප ලෙස තෝරාගත් සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස හතරක් තුල ක්රියාත්මකව පවති.
මෙම එන්නත්කරණ වැඩපිළිවෙල කරගෙන යෑමේදී සෞඛ්ය අංශ සහ රාජ්ය යාන්ත්රණයට මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩිපුර අවධානය යොමු විය.
එමෙන්ම බදුල්ල මහ රෝහලට අලුතින් මිලදී ගත් PCR යන්ත්රය සඳහා ඌව පළාත් සභාව මගින් ලබාදෙන ලද රුපියල් ලක්ෂ හතළිස් අටක් වටිනා චෙක් පත ද වෛද්ය නිලධාරී මහතුන් හට මෙම අවස්ථාවේදී ලබා දුන්නෙමි.
මෙම අවස්ථාවට ගරු රාජ්ය අමාත්ය තේනුක විදානගමගේ මහතා, බදුල්ල දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා, හිටපු පළාත් අමාත්ය සෙන්දිල් තොන්ඩමන් මහතා, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම්, ඌව පළාත් සෞඛ්ය අමාත්යාංශ ලේකම්වරුන්, බදුල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂකතුමා ඇතුළු සෞඛ්ය බලධාරීන් හා වෛද්යවරුන් මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මැතිතුමා සහ සෞඛ්ය ක්ෂේත්රයේ සහ රාජ්ය සේවයේ නිලධාරීන් පිරිසක් zoom තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.