පුවත් හා නිවේදන
නිදහස් දින සුභ පැතුම්
යටත් විජිත පාලන යුගයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම නිමිත්තෙන් එම නිදහස අද දින අපි ඉමහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වර්ෂයේ නිදහස දිනාගැන්මට අපට හැකි වුයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ‍්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු...
කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්, බණ්ඩාරවෙළ බිදුණුවැව සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පවත්වන ලද කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයට සහභාගිවූ අවස්ථාව ... 'විධිමත් පුහුණු තුළින් කෘෂිකාර්මික සංවර්ධනය' යන දැක්ම යටතේ ඌව පළාතට උචිත තාක්ෂණික පුහුණුව ලබාදීම තුළින් ගොවි ජනතාවගේ...
තෛපොංගල් සුභ පැතුම්
සුබ තෛපොංගල් දිනයක් වේවා...! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்...! Happy Thai Pongal Day...! කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හව්හරණ සපයන සූර්යයා හට කෘතගුණ සැලකිම මුල් අරමුණු කරගනිමින් සූර්ය නමස්කාරය කරනු ලබන්නේ අද දින හින්දු බැතිමතුන් ආගමික හා සංස්කෘතික උරුමයන්ට...
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සමග පිළිසඳර
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ නුවන් වෙදසිංහ මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නියෝජ්‍ය පොලිස්පතිවරය ලෙසත්, ගාල්ල, අම්පාර සහ...
නව වසරට සුභාශිංසන
නව වසරට සුභාශිංසන විවිධ වූ අභියෝග ජයගෙන නව අපේක්ෂාවන් සමඟ 2023 නව වසර පිළිගැනීමට සූදානමින් සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත එළඹෙන නව වසර වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරමි. අභියෝග වලට සමගාමීව අප උගත් පාඩම්, ලැබූ ජයග‍්‍රහණ යනාදිය නව වසරට ප‍්‍රවේශ වන අපට ඉමහත් වූ...
‘ඌවේ දොඩම් වගාව යළි නංවාලමු’ ‘ஊவாவில் தோடம்பழம் பயிர் செய்கைக்குப் புத்துயிர் அளிப்போம்’
කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රවර්ධනය ව්‍යාපෘතිය යටතේ ඌව පළාත තුල සිට්‍රස් බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 'ඌවේ දොඩම් වගාව යළි නංවාලමු'...
ඌව පළාත් පාලන මහජන පුස්තකාල ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවය
ඌව පළාත් පාලන මහජන පුස්තකාල ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවය ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී රාජ්‍ය සාහිත්‍යය උළෙලට සමගාමීව පැවැත්වූ චිත්‍ර තරඟයට සහභාගී වූ පාසල් ළමුන්ගේ චිත්‍ර 1500 කින් යුත් චිත්‍ර ප්‍රදර්ශනය ද විවෘත කරන ලදී, මෙම අවස්ථාවට ඌව පළාත්...
පාසලේ පවතින ගුරු හිඟය සහ පාසල පරිහානියට පත්වීම වළක්වා ගැනීම
පාසලේ පවතින ගුරු හිඟය සහ පාසල පරිහානියට පත්වීම වළක්වා ගැනීම සඳහා සියඹලාණ්ඩුව පල්ලේවෙල මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය සහ දෙමව්පියන් කළ ඉල්ලීමකට අනුව මො/පල්ලේවෙල මහා විද්‍යාලයේ (ජාතික පාසල) යේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණෙමි. වසර 60 කට ආසන්න ඉතිහාසයක් තිබෙන මෙම පාසලේ...
බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ළමුන් සදහා ඉස්ලාම් දහම ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වීම පිළිබදව සාකච්ඡාවක්
බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ළමුන් සදහා ඉස්ලාම් දහම ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වීම පිළිබදව සාකච්ඡාවක් බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයේ දී පවත්වන ලදී. සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් අධ්‍යාපනය ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre – NERC)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre - NERC) ට අනුබද්ධ ඌව පළාත් ප්‍රතිසංස්කරණ කමිටු රැස්වීම් අද දින ඌව පළාත් සභා රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී. මෙහිදී ඌව පළාතේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම හා...