පිරිවෙන් සංවර්ධන ව්යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය ඌව පළාත් සභා ශ්රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්ක වල තිබෙන පිරිවෙන් 8 සඳහා අද දින සංකේතාත්මක වශයෙන් පොත් ලබා දීම සිදු කෙරුණි.
මෙම අවස්ථාවට බදුල්ල හා මොණරාගල දිස්ත්රික් පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.