නව වසරට සුභාශිංසන
විවිධ වූ අභියෝග ජයගෙන නව අපේක්ෂාවන් සමඟ 2023 නව වසර පිළිගැනීමට සූදානමින් සිටින සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත එළඹෙන නව වසර වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරමි.
අභියෝග වලට සමගාමීව අප උගත් පාඩම්, ලැබූ ජයග්‍රහණ යනාදිය නව වසරට ප්‍රවේශ වන අපට ඉමහත් වූ රුකුලක් වනු නොඅනුමානය. කුමන වූ බාධාවන්වලට මුහුණ පෑමට සිදු වුවද ඒ සියල්ල ජය ගැනිමට අවශ්‍ය ආත්ම ශක්තිය, ධෛර්යය අප සතුව තිබේය යන්න තරයේ විශ්වාස කරමු.
සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් ලෙස තම තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සුහදව ජීවත් වීම සදහා අප විසින් නිර්මාණය කළ පසුබිම තවදුරටත් සුරක්ෂිත කළ යුතුය. ඉන්දියන් සාගරයේ නිල්දිය රැලි මත දිදුලන සියල් සපිරි සුපහන් දේශයක් නිර්මාණය කිරීම සදහා විනයගරුක පිරිසක් ලෙස පෙරටම යා යුතුය.
එම නිසා සියලූ දෙනා එක්ව සියලූ බාධාවන් බිඳ ජීවිතය ජය ගැනීමට හැකියාව ලැබෙන වසරක් ලෙස අපි ප්‍රාර්ථනා කරමු. මේ සඳහා ජනාධිපතිතුමා ප්රමුඛ රජය ජනතාවට සහන සැලසීමට කැපවීමෙන් කටයුතු කරන බව විශ්වාසනීයත්වයෙන් කිව යුතු අතර ඒ සඳහා සැමගේ් නොමද සහයෝගය ලබා දෙනු ඇතැයි තරයේ විශ්වාස කරමි.
ඔබ සියළු දෙනාට සාමය, සාමදානය, සතුට පිරි සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර
01-01-2023