දියතලාව, කහගොල්ල පිහිටි ඌව පළාත් යාන්ත්රික දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අනුව, ලෝක බැංකුවේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්යාපෘතිය මගින් ප්රදානය කරන ලද JCB යන්ත්ර දෙකක් නිල වශයෙන් භාර දුන් අවස්ථාව සදහා සහභාගි විය.
කෝටි තුනක වටිනාකමින් යුත් මෙම JCB යන්ත්ර දෙකම ඉදිරියේ දී ඌව පළාත තුළ සිදුවෙන ආපදා තත්වයන් හිදී භාවිතා කිරීමට කටයුතු සලසා ඇත.
මෙම අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් පී. බී. විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, නියෝජ්ය ප්රධාන ලේකම් (ඉංජිනේරු) කේ.ඒ.බී. සෙනවිරත්න, පළාත් යාන්ත්රික අධ්යක්ෂක එම්.ටී.ජී.ඒ.එන්. ලක්මාල් මහතා ඇතුළු කහගොල්ල යාන්ත්රික ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.