අතිපූජ්‍ය ගිරාඹේ මංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාව පිහිටුවීම, 2025.02.21 දින ඌවපරණගම සපුගොල්ල තපෝධනාරාම මූල මහා විහාරයේදී පවත්වනු ලැබීය. එහිදි උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාවේ ගරු සභාපති වශයෙන් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමා තෝරා පත් කරගනු ලැබූ අතර, එම සභාවේ ගරු ලේකම් වශයෙන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාද තෝරා පත්කර ගනු ලැබීය.
The establishment of the Udarata Amarapura Samagri Sangha Sabha Sabharuddhi Council was held on February 21, 2025, at the Sapugolla Tapodhanarama Temple in Uva Paranagama, under the chief guidance of Most Venerable Girambe Mangala Mahanayaka Thero. At this event, the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, was elected as the Honorable Chairman of the Udarata Amarapura Samagri Sangha Sabharuddhi Council, while Mr. Nihal Gunaratne, Secretary of the Uva Provincial Ministry of Education, was elected as the Honorable Secretary of the council.”