81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 දින පැවැත්විණි.
ඇල්ල සංචාරක කලාපයේ සංචාරයේ නියුතු විදේශිකයන්ට නව අත්දැකීමක් එක් කරනු ලැබූ මෙම පෙරහැර මංගල්‍යය විවිධ කලා අංග රැසකගෙන් සමන්විත විය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත සංජීව මහතා, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද මහතා, ඇතුලු දෙස් විදෙස් බොහෝ පිරිසක් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියහ.
The inaugural ceremony of the Kithal-ella Temple’s daytime procession festival, being held for the 81st time, was conducted on July 21, 2025, under the patronage of Uva Provincial Governor Attorney J.M. Kapila Jayasekara.
This procession festival, which provided a new experience for foreign tourists visiting the Ella tourist zone, consisted of various art forms.
Deputy Minister of Tourism Ruwan Ranasinghe, Bandarawela Pradeshiya Sabha Chairman Vasantha Sanjeeva, Ella Pradeshiya Sabha Chairman Venura Malinda, and many other local and foreign attendees gathered together to watch the procession.