ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2026.02.15 දින රාමසාන් උපවාසය අවසන් කිරීමේ වැඩසටහනක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පූජනීය රාමසාන් මාසය නිමිති කරගෙන එකමුතුභාවය, කරුණාව සහ සමාජ සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සහ අන්‍යාගමික නායකයින්ගේ සහභාගීත්වයත් සමඟ එය අර්ථවත් අවස්ථාවක් බවට පත් විය.

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඌව පළාතේ ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු ඌව පළාත් සභාවේ නිලධාරින් විශාල පිරිසක් ද ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් ද සහභාගී වූහ.

A Ramadan Iftar (fast-breaking) program organized by the Uva Provincial Governor’s Office was held on 15.02.2026 at the Uva Provincial Council Auditorium.

This program was organized with the aim of promoting unity, compassion, and social harmony on the occasion of the holy month of Ramadan, and it became a meaningful event with the participation of the Muslim community of the region and inter-religious leaders.

The Uva Provincial Governor, Attorney-at-Law Kapila Jayasekara, the Honourable Minister of Plantation and Community Infrastructure Samantha Vidyarathne, heads of local government institutions, the Chief Secretary of the Uva Province, a large number of officials of the Uva Provincial Council, as well as a large number of people representing the Muslim community of the region were in attendance.