අද (29) දින දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමුණු 2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල සදහා සහභාගී විය. සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මාණකරණයේ නිරත වූ පාසල් අංශය සහ විවෘත අංශය නියෝජනය කරන සාහිත්‍යවේදීන්, නාට්‍යකරුවන් සහ කලාකරුවන් මෙහිදී ඇගයීමට ලක්වූ අතර, ඔවුන්ට සම්මාන, මූල්‍ය ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරමින් ඔවුන්ගේ දක්ෂතා හා කැපවීම අගය කරන ලදී.
මෙම උත්සවයට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ,ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති හා රාජ්‍ය සම්මානලාභී ලේඛක නිශ්ශංක විජයමාන්න මහතාද එක්ව සිටියහ. එසේම ප්‍රවීණ හා නව පරපුරේ සාහිත්‍යවේදීන්, නාට්‍යකරුවන් සහ සාහිත්‍ය රසකාමී ජනතාවගේ විශාල සහභාගිත්වයක්ද මෙහිදී දැකගත හැකි විය.







