මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය.
මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු , කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පරිවේනාධිපති හිමිවරු, ගුරු අධ්‍යාපනඥයන් සහ ගුරු උපදේශක සේවයේ නිලධාරින් සහ විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් ද සංවිධානය කර තිබුණි.
මොණරාගල රාජකීය විද්‍යාලය, මොණරාගල ෂන්මුහා දෙමළ මහා විද්‍යාලය සහ මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ නිරික්‍ෂණ චාරිකාව සදහා ද එක් වූ අතර, මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය ලෙස නම වෙනස් කරන ලෙස මදුරුකැටිය මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය කළ යෝජනාව අනුව අග්‍රාමාත්‍යතුමිය ඒ සඳහා අනුමැතිය ලබා දීමක් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට වෙළඳ , වාණිජ සහ ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අධයාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් ද සහභාගී වූහ.







