බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.10.15 දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා සංචාරක කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මැතිතුමා, යෞවන කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මැතිතුමා, ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, සහ ඌව පළාත් ප්‍රධාන ලේකම්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

Badulla District Coordination Committee Meeting, The Badulla District Coordination Committee meeting was held on October 15, 2025, at the Badulla District Secretariat auditorium under the chairmanship of Hon. Samantha Vidyaratne, Minister of Plantation Affairs and Community Infrastructure and Chairman of the Badulla District Coordination Committee, with the participation of His Excellency J.M. Kapila Jayasekara, Governor of Uva Province.

On this occasion, Hon. Deputy Minister of Tourism Ruwan Ranasinghe, Hon. Deputy Minister of Youth Affairs Dinidu Saman Hennayaka, other Hon. Members of Parliament representing Badulla District, the Chief Secretary of Uva Province, the District Secretary of Badulla, and a large number of government officials participated