පුවත් හා නිවේදන
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලැබූ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ NVQ 4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් හා ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලැබූ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ NVQ 4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. පෙර පාසල්වල ගුරුවරුන්ගේ...
බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ ඉෂාර ලක්මාල් ඇතුළු බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් තුළින් විශ්ව විද්‍යාල වරම් ලැබූ සියලුම දරුවන් හට උපහාර පිරිනැමීමේ උත්සවය
2021(2022) උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වූ බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ ඉෂාර ලක්මාල් ඇතුළු බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් තුළින් විශ්ව විද්‍යාල වරම් ලැබූ සියලුම දරුවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද දින බදුල්ල ප්‍රාදේශීය සභා...
අතිපූජනීය හෙවෙල්වෙල ශ්‍රී සුනන්ද නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා!
අතිපූජනීය හෙවෙල්වෙල ශ්‍රී සුනන්ද නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා!
ඌව පළාතේ පාසැල් වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම හා ඊට අදාළ ප්‍රගතිය
ඌව පළාතේ පාසැල් වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම හා ඊට අදාළ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. පාසල් විවෘත කිරීම, අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීම, විදුබිමෙන් - ගොවිබිමක් වැඩසටහනේ ප්‍රගතිය, කලාප ක්‍රීඩා තරග පැවැත්වීම,...
ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක්
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අධ්‍යාපනය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පෞද්ගලික මගී පොදු ප්‍රවාහන සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය. පෞද්ගලික බස්...
නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම ….
නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු...
ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්
හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, වර්තමානයේ අපේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්ත්වයට අතහිත දෙමින්...
බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු ….
බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී එම ඉඩම හිමිකාරීත්වය පිළිබඳව මතුව ඇති ගැටළුකාරී තත්වය පිළිබඳව පරික්ෂා කොට ඒ සම්බන්ධව නිරීක්ෂණ හා නිර්දේශයන් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දින විශේෂ කමිටුවක් පත් කරන ලදී. බිබිල ප්‍රාදේශීය ලේකම් යු.එන්.වීරසිංහ...
ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහන
ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදි. ඌව පළාත් නවෝද්‍යා අරමුදලේ ප්‍රතිපාදන යටතේ පළාතේ කලාප කාර්යාල දහයක් සඳහා මෙම මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය සංකේතාත්මක...
i Road ව්‍යාපෘතිය
i Road ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන හාලිඇල පිටත වටරවුම් පාර 9 කොටසේ සංවර්ධන කටයුතු නතර වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අදාල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත්...