ඌව පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුපිලිපන්බව සහ දුෂණ විරෝධි නීතිය පිළිබඳ දැනුම ඉහල නැංවීමේ අරමුණින් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2026.02.26 දින සංවිධානය කර තිබිණි.
ඌව පළාත තුළ අල්ලස හා දූෂණයෙන් තොර පළාත් පාලන ආයතන සංස්කෘතියක් ඇති කිරීමත්, මහජන විශ්වාසය ඉහළ නංවමින් වඩාත් යහපත් හා ගුණාත්මක සේවයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් හා ඌව පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
A program aimed at raising awareness among local government representatives of Uva Province regarding accountability and anti-corruption law was organized on 26.02.2026, under the chairmanship of the Honourable Governor of Uva Province, Attorney-at-Law Kapila Jayasekara.
The Commission to Investigate Allegations of Bribery or Corruption provided resources for this event, with the objectives of establishing a bribery-free and corruption-free local government culture within Uva Province, and creating better and higher quality public services while enhancing public trust.
A large number of participants attended this occasion, including officials of the Commission to Investigate Allegations of Bribery or Corruption and local government representatives of Uva Province.







