78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඌව පලාත් නිදහස් දින සැමරුම් උත්සවය ඌව පලාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි එතුමා අදහස් දක්වමින් රට ගොඩනැගීම සදහා ජනතාව , රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන අධිකාරිය සහයෝගයෙන් එක්ව කටයුතු කල හැකි යුගයක් බිහිවී තිබෙන අතර එක්ව රට ගොඩනැගීමේ අවශ්‍යතාව පිලිබදව අදහස් දක්වන ලදී මෙම අවස්ථාවට ගරුතර සංඝරත්නය සහ පුජ්‍ය වහන්සේලා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ් මහතා, සුදත් බලගල්ල මහතා, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා , ඌව පලාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු පලාත් සභාවේ නිලධාරින් , බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් , ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් සිසු දරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.







