2026 නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. වැඩම කර සිටි මහා සංඝරත්නයේ ආශිර්වාදය හා සෙත්පිරිත් සජ්ජායනය මධ්‍යයේ නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම සිදු විය. නව වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාරතුමා විසින් කාර්ය මණ්ඩලය ඇමතූ අතර, නව වසරේ රාජකාරි ජීවිතය හා පෞද්ගලික ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සුබ පැතුම් එකතු කරන ලදී. ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා, ආණ්ඩුකාරවර ලේකම්තුමිය, ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනා මෙම අවස්ථාවට එක් වූහ.
The commencement of official duties for the New Year 2026 was held under the patronage of His Excellency the Governor of Uva Province, Attorney-at-Law Mr. Kapila Jayasekara, at the premises of the Governor’s Office, Uva Province. The commencement of official duties for the New Year took place with the blessings of the Maha Sangha who were present and amidst the chanting of Seth Pirith. Following the administration of the Public Service Oath for the New Year, His Excellency the Governor addressed the staff and extended his best wishes for a successful official and personal life in every way in the New Year. His Excellency the Governor of Uva Province, the Governor’s Secretary, the Governor’s Personal Secretary, and all members of the staff participated in this occasion.