කෝවීඩ් වසංගතය පවතින කාලය තුළ ඌව පළාතේ අධ්යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් පළාත් අධ්යාපන කාර්ය සාදක බළකායේ විශේෂ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කර්යලයේදී 2020.10.13 වන දින පවත්වන ලදි.
මෙහිදී සෑම පුද්ගලයෙකුම සහ විශේෂයෙන්ම පොදු ප්රවාහනයන් සහ පොදු ස්ථානයන්හී, අනිවර්යයෙන් පිළිපැදිය යුතු කරුණු ලෙස මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය, අත්සේදීම සෞඛ්ය අංශ විසින් නිර්දේශ කෙරුනු අතර ඒවා සමාජය තුල ක්රියාවට නැංවීම හා නිසි ආකාරයෙන් ක්රියාත්මක වීම නිරීක්ෂණය කරන ලෙස පොලිසිය වෙත උපදෙස් ලබා දුන්නෙමි.
එමෙන්ම පාසල් පද්ධතිය තුළ කෝවිඩ් වෛරසය පැතිරී යාම වැලැක්වීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව කළාප අධ්යාපන අධ්යක්ෂකවරුන් දැනුවත් කිරීම සහ අ.පො.ස (උ.පෙළ ) විභාග කාල සීමාවේදී එම විභාග පැවත්වන මධ්යස්ථානවල සහ එම සිසුන් ප්රවාහනයේදී සැළකිය යුතු සෞඛ්යාරක්ෂිත ක්රියාමර්ග ක්රියාවට නංවන අයුරු විශේෂඥ වෛද්යවරුන් මගින් අදාළ ආයතන දැනුවත් කරන ලදී .
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය මහතා, ඌව පළාත් ප්රධාන ලේකම්තුමා, ඌව පළාත් අධ්යාපන අමාත්යංශයේ ලේකම්තුමිය, ආණ්ඩුකාර ලේකම් තුමා, විශේෂඥ වෛද්යවරුන් , ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, ප්රවාහන හා සෞඛ්ය සේවා ආයතන වල ප්රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.