ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී පළාත තුල ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලී සිටින ඉදිකිරීම්කරුවන්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් ක්ෂේත්රය ගුණාත්මකව වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, ඉදිකිරීම් සංගමයේ ඌව ශාඛා සභාපති බන්දුල අමරවීර මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.