ශ්රී ලංකාවේ අධ්යාපන අනධ්යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී ඌව පළාත් සභා පාසල් අනධ්යයන කාර්ය මණ්ඩල නව බඳවා ගැනීම් පිළිබඳව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් සභා රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා, නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන) ආර්.එච්.සී. ප්රියන්ති මහත්මිය, ඌව පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, ශ්රී ලංකාවේ අධ්යාපන අනධ්යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් විජයසේකර මහතා ඇතුළු සංගමයේ සාමාජිකයන් එක්ව සිටියහ.
இலங்கையின் கல்வி சாரா ஊழியர் ஒன்றிணைந்த சங்கத்தினனுடனான கலந்துரையாடலொன்று ஊவா மாகாண ஆளுநர் அலுவலகத்தில் நடைபெற்றது.
இதன்போது ஊவா மாகாண சபை பாடசாலை கல்வி சாரா ஊழியர்கள் புதிதாக இணைத்துக்கொள்ளப்படுவதில்லை எழுந்துள்ள பிரச்சினைகள் குறித்துக் கலந்துரையாடப்பட்டது.
இந்த கலந்துரையாடலில் ஊவா மாகாண பிரதான செயலாளர் P.B. விஜயரத்ன, ஆளுநரின் செயலாளர் எம்.எம். விஜயநாயக, பிரதி பிரதான செயலாளர் (திட்டமிடல்) ஆர்.எச்.சி. பிரியந்தி, மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல, இலங்கையின் கல்வி சாரா ஊழியர் ஒன்றிணைந்த சங்கத்தின் செயலாளர் விஜயசேகர உள்ளிட்ட சங்கத்தின் உறுப்பினர்கள் கலந்துகொண்டனர்