වැල්ලවාය ප්රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව, පෙරපාසල් ගුරු සංගම් වල සාමාජිකයින් සමඟ පෙර පාසල් ගුරුවරුන්ගේ ඉල්ලිම් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ ආවරණය සහ ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ ඩී.එම්.සී. දිසානායක මහතා, වැල්ලවාය ප්රගති පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකයන්, බදුල්ල හා මොණරාගල දිස්ත්රික් ගුරු සංගම් හා වෘත්තිය සංගම් නියෝජිතයින් සහභාගිවිය.