ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය, පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය, ප්රබුද්ධ සංස්කෘතික පදනම සහ බදුල්ල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද දින බදුල්ල සේනානායක උද්‍යානයේදි පවත්වන ලදී.
මෙම පොත් ප්‍රදර්ශනය අද 24 දින සිට 30 වැනිදා දක්වා, සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා බදුල්ල සේනානායක උද්‍යානයේදී පැවැත්වේ.
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්රකාශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පොත් ප්‍රදර්ශනයේදී එම අලෙවිසැල් මගින් මිලට ගන්නා පොත් සඳහා විශේෂ වට්ටම් ලබාගත හැකිය.

இந்த புத்தகக் கண்காட்சி இன்று (24) முதல் 30 ஆம் திகதி வரை தினமும் காலை 9.00 மணி முதல் இரவு 9.00 மணி வரை பதுளை சேனநாயக்க பூங்காவில் நடைபெறவுள்ளது.
முன்னணி புத்தக வெளியீட்டாளர்களின் பங்கேற்றளுடன் நடைபெறும் இந்த புத்தகக் கண்காட்சியில் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில புத்தகங்களைக் கொள்வனவு செய்யும்போது விசேட தள்ளுபடிகள் வழங்கப்படவுள்ளமை விசேட அம்சமாகும்.