බදුල්ල මධ්ය මහා විද්යාලයේ 2024 වසරේ නිවාසාන්තර ක්රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ දින වින්සන්ඩයස් ක්රීඩාංගණයේදී
නිමාවට පත්විය.
විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය වු මෙම නිවාසාන්තර ක්රීඩා උත්සවයේ ශුරතාවය ලකුණු 2179ක් ලබාගත් වලවේ නිවාසයට හිමිවු අතර, ලකුණු 2084ක් ලබාගත් නිල්වලා නිවාසයට අනුශුරතාවය හිමිවිය ,මහවැලි නිවාසය ලකුණු 1949ක් ලබා ගනිමින් තෙවන ස්ථානයටත්, ලකුණු 1897ක් ලබා ගත් කැළණි නිවාසය සිවිවන ස්ථානයටත් පත්විය,
මෙම අවස්ථාවට ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමති චාමර සම්පත් දසනායක මැතිතුමා , ඌව අධ්යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා, පළාත් අධ්යාපන අධ්යක්ෂක ලෙස ඒ. එච්. රෝහිත අමරදාස මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේරත්න මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.
பதுளை மத்திய மகா வித்தியாலயத்தின் 2024 ஆம் ஆண்டுக்கான இல்ல விளையாட்டுப் போட்டியின் நிறைவு விழா நேற்று வின்சென்சியஸ் மைதானத்தில் நடைபெற்றது.
இந்த நிகழ்வில் இராஜாங்க அமைச்சர் சாமர சம்பத் தசனாயக, மாகாண கல்வி அமைச்சின் செயலாளர் காமினி மஹிந்தபால ஜோபியாஸ், மாகாண கல்விப் பணிப்பாளராக ஏ. எச்.ரோஹித அமரதாச உள்ளிட்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.