ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම අද දින ඌව පළාත් සභා ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
විදුලිබල මණ්ඩලය සම්බන්ධ කරගෙන GAIA Green Energy UVA Pvt (Ltd.) පෞද්ගලික ආයතනයත් සමඟ අවුරුදු 20 ක කාලයක් සඳහා මෙම ගිවිසුම අත්සන් කරනු ලැබිණි .
මෙමගින් ඌව පළාතට අයත් පාසල් ,රෝහල් ඇතුළු පළාත් සභා ගොඩනැගිලි වල නිකරුණේ තිබෙන වහල ප්රයෝජනයට ගනිමින් දළ වශයෙන් පළාත් සභාවට මෙගා වෝට් 40 කට වඩා වැඩි ප්රමාණයක් විදුලි උත්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව මෙම කොන්ත්රාත් ගිවිසුම් ප්රකාරව පළාත් සභාවට දළ වශයෙන් වසරකට බිලියන 225ක මුදලක් ලැබෙනු ඇත.
ඒ අතරතුර මෙම දැවැන්ත ව්යාපෘතිය තුළින් පළාත් සභාවට දළ වශයෙන් රැකියා අවස්ථා 500 ක් පමණ බිහි වීමට නියමිතය.
මෙම අවස්ථාවට GAIA Green Energy UVA Pvt (Ltd.) ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂක සිවාජි ද සොයිසා මහතා ඇතුළු එම ආයතනයේ ප්රධානීන්, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පළාත් අමාත්යාංශ වල ලේකම්වරුන් එක්ව සිටියහ.