ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර
නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමා

ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මැතිතුමා වර්ෂ 1959 අප්‍රේල් මස 15 වන දින ඌවපරණගම ලුණුවත්ත ප්‍රදේශයේ උපත ලබා ලුනුවත්ත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වානිජවේදී විශේෂ උපාධියක් ලබා පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිස තිබේ.

එමෙන්ම එතුමා වැලිමඩ උප දිසාපති, ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරු දරමින් කටයුතු කර 2019 වසරේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.