ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම අන්තර්ජාලකරණය කිරීමේ සමාරම්භක උත්සවය අද දින ඌව පළාත් සභාවේ ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ අනුග්රහයෙන්, ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, පළාත් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව සහ ඌව පළාත් පාලන අමාත්යාංශය එක්ව ගෙනයන ජාලගත මෙම වැඩසටහන මගින් මහජනතාවට සේවයක් ලබාදෙමින්, යුක්තිගරුක සාධාරණ සමාජයක් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් පරිත්යාග කළ පරිගණක කට්ටලයක්ද මෙම අවස්ථාවේදී සංකේතාත්මකව ප්රධාදානය කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ඌව පළාත් මුදල් හා ක්රමසම්පාදන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා, අතිරේඛ දිස්ත්රික් රෙජිස්ට්රාර්තුමා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.